2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ඩිජිටල් යුගයේ මාධ්‍ය ආයතන සතු ප්රබලතම සම්පත විශ්වසනීයත්වයයි – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
ඩිජිටල් තාක්ෂණයේ වේගවත් ව්‍යාප්තිය සහ නව මාධ්‍ය වේදිකාවල තරගකාරීත්වය හමුවේ වුවද, විද්‍යුත් මාධ්‍ය ආයතන සතු ප්රබලතම සහ වටිනාම සම්පත වන්නේ දශක ගණනාවක් පුරා මහජනතාව සමඟ ගොඩනඟාගත් විශ්වාසය හා විශ්වසනීයත්වය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.
சுருக்கம்
ශ්‍රී ලංකාවේ විද්‍යුත් විකාශන ක්ෂේත්රයට අභිමානවත් ඉතිහාසයක් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ජනතාව දැනුවත් කිරීම, අධ්‍යාපනය ලබාදීම, විනෝදාස්වාදය සැපයීම මෙන්ම ජාතික උත්සව සහ ආපදා අවස්ථාවලදී ප්‍රජාවන් එකිනෙකා සමඟ සම්බන්ධ කිරීම සඳහා එම ක්ෂේත්රය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇති බව සඳහන් කළේය.

