2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
හේලීස් සමූහය හරහා NURA ළඟදීම ශ්‍රී ලංකාවට
AI තාක්ෂණයෙන් බලගැන්වුණු ජාත්‍යන්තර රෝගී තත්ත්ව කල්තබා හඳුනාගැනීමේ මධ්‍යස්ථාන ජාලයක් වන NURA, FUJIFILM DKH LLC මඟින් මෙහෙයවනු ලබන අතර, හේලීස් සමූහයට අනුබද්ධ Innovative Health Solutions (Pvt) Ltd සමඟ එක්ව ළඟදීම ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
சுருக்கம்
NURA හි පරීක්ෂණ සඳහා FUJIFILM සමාගමේ ලොව පුරා විශ්වාසය දිනාගත් ජපන් වෛද්‍ය රූපකරණ තාක්ෂණය භාවිත කෙරේ. NURA හරහා අප ලෝකයට හඳුන්වා දෙන්නේ එම සංස්කෘතියයි. AI තාක්ෂණයෙන් වෛද්‍යවරුන්ට සහය ලැබෙන, ඉතා අවම විකිරණ මට්ටමක් සහිත CT පරීක්ෂණ හේතුවෙන් වාර්ෂිකව සෞඛ්‍ය පරීක්ෂණ සිදු කිරීම ප්‍රායෝගික කරවන සුවිශේෂී මධ්‍යස්ථානයක් ලෙස NURA හැඳින්විය හැකියි.

