2 ஊடகங்கள்
එංගලන්ත ක්‍රිකට් ලොක්කා නිල සංචාරයකට දිවයිනට
එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති රිචඩ් විලියම් තොම්සන් සති 02ක නිල සංචාරයක් සදහා අද (24) උදෑසන දිවයිනට පැමිණියා. සභාපති වරයා අද (24) උදෑසන 08.35ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා. ඔහුව පිළිගැනීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියා.
