2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
බංකොලොත් රට අපි ගොඩදැම්ම විදිහ දැකලා ජාත්‍යන්තරයත් පුදුම වෙලා.. - චතුරංග අබේසිංහ
සමාජ සුභ සාධනය සඳහා නීති හා අණපනත් ඉදිරිපත් කරන විට ඇතැම් සංවිධානාත්මක පිරිස් රජයට එරෙහිව තැන තැන හඬ නගන බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.
சுருக்கம்
පොදු ජනතාව වත්මන් රජයෙන් ඉල්ලා සිටියේ නීතිය හා සාධාරණත්වය තහවුරු කරන ලෙස වුවත්, ඇතැම් පිරිස් දේශපාලන වාසි තකා රජයට එරෙහි විරෝධතා සංවිධාන කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේය. ජාතික ඵලදායිතා සම්මාන උළෙලට සමගාමීව මධ්‍යම සහ සබරගමු පළාත් සම්මාන උළෙල මහනුවර කරළිය ශ්‍රවණාගාරයේදී පැවැති අතර ප්‍රධාන ආරාධිතයා වශයෙන් එම අවස්ථාවට සහභාගී වූ නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී මේ බව ප්‍රකාශ කළේය.

