2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ඩ්‍රෝන යානාවලින් මගී ප්‍රවාහනය අරඹයි.. වරාය නගරයෙන් අරඹයි..
විදුලියෙන් ක්‍රියාත්මක වන නවීන මගී ප්‍රවාහන ගුවන් තාක්ෂණය මෙරටට හඳුන්වා දීමේ මූලික පියවරක් ලෙස, මගී ප්‍රවාහන ඩ්‍රෝන යානා කිහිපයක නියමු පරීක්ෂණ පියාසැරි මේ දිනවල කොළඹ වරාය නගර පරිශ්‍රයේදී සිදු කෙරෙමින් පවතී. මෙම ව්‍යාපෘතියේ නිල ආදර්ශන පියාසැරිය එළඹෙන නොවැම්බර් 11 වැනිදා පැවැත්වීමට නියමිතය.
சுருக்கம்
සිරස් අතට ගුවන්ගත කළ හැකි සහ ගොඩබැස්විය හැකි විද්‍යුත් ගුවන් යානා (eVTOL) තාක්ෂණය පිළිබඳ ලොව ප්‍රමුඛතම චීන සමාගමක් වන EHang Holdings ආයතනයේ සහයෝගීත්වයෙන් ක්‍රියාත්මක නියමු ව්‍යාපෘතියක් යටතේ මෙම අත්හදා බැලීම් සිදු කෙරේ.

