2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
UN මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් ශ්රී ලංකාව ගැන දැක් වූ අදහස්
ත්රස්තවාදය වැළැක්වීමේ පනත ක්රියාත්මක කිරීම අහෝසිකරන ලෙස තමන් රජයෙන් ඉල්ලීමක් කළ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් මහතා පැවසීය.මෙරට සංචාරය අවසන් කරමින් අද (26) පස්වරුවේ විශේෂ ප්රවෘත්ති සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
சுருக்கம்
මෙරට සංචාරය අවසන් කරමින් අද (26) පස්වරුවේ විශේෂ ප්රවෘත්ති සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එමෙන්ම ත්රස්තාවාදය වැළැක්වීමේ පනත යටතේ දිගු කාලීනව රඳවාගෙන සිටින රැඳවියන් සහ සිරකරුවන් නිදහස් කරන ලෙස තමා ඉල්ලීමක් කළ බවද හෙතෙම සඳහන් කළේය. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මානව හිමිකම් මහකොමසාරිස්,"සමලිංගික විවාහය අපරාධයක් නොවන බවට යෝජනා කරන පවතින පනත් කෙටුම්පත ඉතා ඉක්මනින් සම්මත වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

