2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
බහරේන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් - යළි දැනුම්දෙන තුරු මේ සඳහා තාවකාලිකව අවසරක්
බහරේන් රාජධානියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ. ඒ ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ඉලෙක්ට්‍රොනික සංචාරක අවසරය (ETA) වෙබ් අඩවියේ පද්ධති නඩත්තු කටයුත්තක් නිසා තාවකාලිකව අක්‍රිය වී ඇති බවටයි.
சுருக்கம்
ඒ අනුව, බහරේන් ජාතිකයින් ඇතුළුව ETA සඳහා සුදුසුකම් ලබන රටවල සංචාරකයින්ට, යළි දැනුම්දෙන තුරු පූර්ව ETA අනුමැතියකින් තොරව ශ්‍රී ලංකාව බලා ගුවන් යානාවලට ගොඩවීමට තාවකාලිකව අවසර හිමි වන බව අඳාළ නිවේදනයේ සඳහන්.

