2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
රාවණා රජු වීරයෙකු ලෙස හුවා දැක්වූ බවට චෝදනා කරමින් රාමායණ චිත්රපටය තහනම් කරන්නැයි ඉල්ලීමක්
ඉන්දීය සිනමා නළු රන්බීර් කපූර් සහ යෂ් රංගනයෙන් දායක වන 'Ramayana: Part 1' චිත්රපටය තහනම් කරන ලෙස විශ්ව හින්දු පරිෂද් සංවිධානය ඉල්ලීමක්…
சுருக்கம்
අදාළ චිත්රපටයේ වාරණ මණ්ඩල සහතිකය අවලංගු කර එය සිනමාහල්වල ප්රදර්ශනය කිරීම නතර කළ යුතු බවයි එම සංවිධානය පවසන්නේ. රාම දෙවියන්ගේ ජීවිතය තුළින් නිරූපණය වන සමාජ සමානාත්මතාව සහ සහජීවනය වැනි මූලික වටිනාකම් චිත්රපටයෙන් නිරූපණය කර නොමැති බව ද ආලෝක් කුමාර් පෙන්වා දෙනවා. එමෙන්ම, චිත්රපටයේ ආරම්භයේ සිටම රාවණා පීඩිත ජනතාවගේ විමුක්තිදායකයෙකු ලෙස නිරූපණය කරමින් එම චරිතය උසස් කර දැක්වීමට උත්සාහ කර ඇති බවට ද ඔහු චෝදනා කර තිබෙනවා.

