2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
චීන විදේශ අමාත්‍යවරයා සහ ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා අතර දුරකථන සාකච්ඡාවක්!
කොළඹ LNW:චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා සහ ඇමරිකා රාජ්‍ය ලේකම් Marco Rubio අතර ඊයේ(11) දුරකථන සාකච්ඡාවක් පැවැත්වුණා. එම සාකච්ඡාව ධනාත්මක සහ ඵලදායී එකක් වූ බව වාර්තා වනවා.
சுருக்கம்
එහිදී චීන ඇමරිකා සබඳතා සහ දෙරට රාජ්‍ය නායකයන් අතර පැවති අන්තර් ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගෙන තිබෙනවා. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පසුගිය සැප්තැම්බර් මාසයේදී සිදු කළ ඇමරිකානු සංචාරය සාර්ථකව අවසන් වූ බව Wang Yi මහතා එහිදී සඳහන් කළා. චීන-ඇමරිකා සබඳතා පිළිබඳ නව දැක්මක අන්තර්ගතය තවදුරටත් පුළුල් කිරීමට දෙරට රාජ්‍ය නායකයන් එකඟ වූ බව ද ඔහු පැවසුවා.
இந்தச் செய்தி எதைப் பற்றியது
இடங்கள்

