2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
පෙනහැලි පිළිකා සැත්කමෙන් සති තුනකට පසු 14 වන ලියෝ පාප් වහන්සේ ලතින් ඇමෙරිකානු සංචාරයක් අරඹයි
පෙනහැලි පිළිකාවක් වෙනුවෙන් සිදුකළ සැත්කමෙන් සති තුනකට පසුව 14 වන ලියෝ පාප් වහන්සේ ලතින් ඇමෙරිකානු සංචාරයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ලියෝ පාප් වහන්සේ පළමුව උරුගුවේ රාජ්‍ය වෙත ළගා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
சுருக்கம்
සංචාරයට එක්ව සිටින මාධ්‍යවේදීන් සමඟ අදහස් දක්වමින් 71 හැවිරිදි පාප් වහන්සේ සඳහන් කර ඇත්තේ තමන් මේ වන විට "ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින්" පසුවන බවයි. එමෙන්ම තමන්ට ප්‍රතිකාර කළ වෛද්‍ය කණ්ඩායමට ස්තූති කරමින්, ඔවුන්ගේ කැපවීම හේතුවෙන් තම සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක පවතින බවද උන්වහන්සේ සඳහන් කර තිබෙනවා.

