2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ඇමරිකානු භාණ්ඩ සඳහා 24%ක අතිරේක තීරුබද්ද චීනයෙන් මාස දෙකකට අත්හිටුවයි!
කොළඹ LNW:ඇමරිකාවේ භාණ්ඩ මත පනවා ඇති 24%ක අතිරේක තීරුබද්ද තවත් මාස දෙකකට අත්හිටුවීමට චීන රාජ්‍ය මණ්ඩලයේ රේගු තීරුබදු කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
சுருக்கம்
චීන-ඇමරිකා රාජ්‍ය නායකයින් වොෂින්ටනයේදී එළඹුණු එකඟතා ක්‍රියාත්මක කිරීම සඳහා, අදාළ චීන හා ජාත්‍යන්තර නීතිවලට අනුකූලව එම සභාව මෙම නව නිවේදනය නිකුත් කර ඇතැයි වාර්තා වනවා. එම නිවේදනයට අනුව, ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ මත අතිරේක තීරුබදු පැනවීම පිළිබඳ චීන රාජ්‍ය මණ්ඩලයේ රේගු තීරුබදු කොමිෂන් සභාවේ තීරණය වෙනස් කර, 24%ක අතිරේක තීරුබදු අනුපාතය තවත් මාස දෙකකට අත්හිටුවා ඇති අතර, 10%ක අතිරේක තීරුබදු අනුපාතය අඛණ්ඩව ක්‍රියාත්මක වනු…
