ශ්‍රී ලංකාවේ දෙවැනි තරගය හොංකොංට එරෙහිව
හයවතාවක් ආසියානු ශූරයින් බවට පත්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව සිය ආසියානු කුසලාන ගමන ආරම්භ කරමින් ලද පහසු ජයග්‍රහණයත් සමග මේ වන විට තරගාවලියට සාර්ථක ප්‍ර වේශයක් ලබා සිටිය. විස්සයි-20 ආකෘතිය යටතේ වර්තමාන ආසියානු ශූරයින් බවට පත්වෙමින් මෙවර තරගාවලියට අවතීර්ණව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම, බංග්ලාදේශයට එරෙහි තරගයේදී තුන් ඉරියව්වෙන්ම දක්ෂතා අතරට පැමිණීම මෙවර තරගාවලියේ ශූරතාව දිනා [...]
