2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
කථානායක කාර්යාලයේ වියදම තවත් මිලියන 48.55කින් පහළ දමයි
රාජ්‍ය වියදම් කළමනාකරණය, අනවශ්‍ය වියදම් සීමා කිරීම සහ මහජන මුදල් වගකීමෙන් පරිහරණය කිරීමේ ප්‍රතිපත්තියට අනුකූලව කථානායක කාර්යාලයේ වියදම් පාලනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් 2026 වසරේ අය-වැය ප්‍රතිපාදන 2025...
சுருக்கம்
වැටුප් හා වේතන සඳහා වෙන් කර තිබූ රුපියල් මිලියන 36ක ප්රතිපාදනය ද 2026 වසරේදී රුපියල් මිලියන 28ක් දක්වා අඩු කර තිබේ. 2026 වසර සඳහා වෙන් කර ඇති රුපියල් මිලියන 229.4ක සමස්ත අය-වැය ප්රතිපාදනයෙන් නොවැම්බර් 20 වැනිදා වන විට වැය කර ඇති මුදල රුපියල් මිලියන 86.31කි. මෙහිදී 2026 වසරේ වියදම් වාර්තාව නොවැම්බර් 20 දා දක්වා පමණක් වන බැවින් එය වසර අවසාන වියදම් සමඟ සෘජුව සමාන කළ නොහැකිය.
