2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
කොල්ලුපිටිය, ඇල්ෆ්රඩ් හවුස් ඇවනිව් මළ සිරුර පාරේ දමාගිය අය හමුවේ
කොළඹ නගරයේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කළ 62 හැවිරිදි පියෙකු නිවාඩු ලබා සූදානම් වූයේ, කටුනායක වෙළඳ කලාපයේ රැකියාවේ නිරත සිය දියණිය දැක බලාගැනීම සඳහා යාමටය. ඒ ගමන වෙනුවෙන් ඔහු ඇයට තිළිණ කිරීමට ජංගම දුරකථනයක් ද මිලදී ගෙන තිබිණි.
சுருக்கம்
පසුගිය 21 වැනිදා රාත්රියේ ත්රීරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම සිරුර මාර්ගයේ දමාගොස් ඇති බව මුලින්ම අනාවරණය වූයේ CCTV දර්ශන ඔස්සේය. මියගිය 62 හැවිරිදි පුද්ගලයා අතරමඟදී ඔහුගේ ත්රීරෝද රථයට ගොඩවී ඇති අතර, කෙටි දුරක් ගමන් කර බම්බලපිටිය ප්රදේශයට ළඟා වන විට ඔහු සිහිසුන් තත්ත්වයක සිටින බව නිරීක්ෂණය වී ඇතැයි ප්රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.
