2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
කොල්ලකරුවන් පිරිසකට ඇහැළියගොඩ දී පොලිසියෙන් වෙඩි
ඇහැළියගොඩ, පරකඩුව ප්රදේශයේ අඟුරුපාලම අසල දී වෑන් රථයක් පැහැරගෙන පලායමින් සිටියදී සැකකරුවන් පිරිසකට පොලිසිය විසින් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. අද (28) පෙරවරු 10.30ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. මෙහිදී එක් සැකකරුවෙක් තුවාල ලබා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් අයෙක් පලාගොස් තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයා ඇහැළියගොඩ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
சுருக்கம்
කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් පිරිසක් වෑන් රථයකින් පලායමින් සිටියදී ඇහැළියගොඩ, පරකඩුව ප්රදේශයේදී පොලිසිය අද (28) පෙරවරුවේ වෙඩි ප්රහාරයක් එල්ල කර තිබේ. පොලිසිය විසින් අදාළ වෑන් රථය ලුහුබැඳ ගොස් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වේ. එහිදී එක් සැකකරුවෙකු තුවාල ලබා පොලිස් භාරයට ගෙන ඇති අතර, සෙසු සැකකරුවන් කිහිපදෙනෙකු පලාගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.
