3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ඉන්දියාවට ගොස් ඉන්දු-ලංකා ධීවර ගැටළුව විසදවා...
ඉන්දීය සහ ශ්‍රී ලාංකික ධීවරයන් අතර දීර්ඝ කාලයක සිට පවතින ධීවර ගැටලුවට ස්ථිර විසඳුමක් සෙවීමේ අරමුණින්, දෙරටේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ද්විපාර්ශ්වික සාකච්ඡා වටයක් 2027 ජනවාරි 22 වැනිදා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වීමට නියමිත බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසීය.
சுருக்கம்
ඒ වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මෙන්ම නිලධාරී මට්ටමින් ද විවිධ අදියර යටතේ සාකච්ඡා පැවැත්වීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා පැවසීය. තවද, මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාගැනීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා සහ තමිල්නාඩු රජයේ පාර්ශ්වකරුවන්ගේ පූර්ණ සහයෝගය ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා පැවසීය.


