2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
අනාගත කාන්තා පරපුර දිරිගැන්වීමට ශ්‍රීලංකන් ගුවන් සේවා විද්‍යාලයෙන් විශේෂ වැඩසටහනක්
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පුහුණු ආයතනය වන SriLankan Aviation College සහ Women in Aviation International - Sri Lanka Chapter (WAISL) එක්ව, ගුවන් සේවා හා අභ්‍යවකාශ ක්ෂේත්රයන්හි අනාගත කාන්තා නියෝජනය දිරිගැන්වීමේ අරමුණින් පාසල් සිසුවියන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබේ.
சுருக்கம்
'Girls in Aviation Day' යනු ගුවන් සේවා සහ අභ්‍යවකාශ ක්ෂේත්රයන්හි පවතින අධ්‍යාපනික හා වෘත්තීය අවස්ථා පිළිබඳව ගැහැනු දරුවන් දැනුවත් කිරීමේ අරමුණින් වාර්ෂිකව ක්‍රියාත්මක වන ගෝලීය වැඩසටහනකි. එම අවස්ථා පිළිබඳව දැනුම, අත්දැකීම් සහ ප්‍රායෝගික පුහුණුව ඔස්සේ සිසුවියන්ට පුළුල් අවබෝධයක් ලබාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් වී තිබේ.

