2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ඉන්දියාවේ විෂ මත්පැන් පානය කිරීමෙන් 11ක් මරුට : 180කට අධික පිරිසක් රෝහලේ
ඉන්දියාවේ ඊසානදිග මනිපූර් ප්‍රාන්තයේ විෂ සහිත මත්පැන් පානය කිරීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.විදෙස් මාධ්‍ය වාර්තා කළ…
சுருக்கம்
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් පුද්ගලයින් 180කට අධික පිරිසක් රෝහල්ගත කර ඇති බවයි. දේශීයව නිෂ්පාදනය කරන ලද මත්පැන් පානය කිරීමෙන් මෙම පිරිස රෝගී වී ඇති බව මනිපූර් ප්‍රාන්ත මහ ඇමති ඛේම්චන්ද් යුම්නාම් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවයි මනිපූර් ප්‍රාන්ත මහ ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

