2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
හෝටලයට කස්සප හිමිගේ නොදුටු වීඩියෝ කතා එලියට...
බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස රජයට බලකරමින් කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පැවති සත්‍යග්‍රහය අතරතුර, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් කොළඹ සුඛෝපභෝගී හෝටලයකට වැඩම කිරීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වීඩියෝව සම්බන්ධයෙන් සත්‍යග්‍රහයට එක්වූ හිමිවරුන් විසින් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු පැහැදිලි කර තිබේ.
சுருக்கம்
මේ අතර, විහාරමහාදේවී උද්‍යානයේ පැවති සත්‍යග්‍රහය වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කරන ලද නියෝගය අභියෝගයට ලක්කරමින් හිටපු අමාත්‍ය, නීතිඥ උදය ගම්මන්පිල මහතා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළේය. මහේස්ත්රාත්වරයාගේ මෙම නීතිවිරෝධී නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලමින් අප අභියාචනාධිකරණය හමුවට පැමිණියා," යැයි ගම්මන්පිල මහතා පැවසීය.
