උසස් පෙළ ඇතුළු සියලු විභාග දින නියමයක් නොමැතිව කල්යයි
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් උසස් පෙළ විභාගය ඇතුළු සියලු විභාගයන් දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසයි.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් උසස් පෙළ විභාගය ඇතුළු සියලු විභාගයන් දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසයි.
ඒ අනුව ඉදිරි දින කිහිපයේ දී උසස් පෙළ විභාගය නොපැවැත්වීමට තීරණය කළ බව ඇය සඳහන් කර සිටී. ඒ අනුව දෙසැම්බර් 05 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය මෙලෙස දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. එමෙන්ම 12 ශ්‍රේණියේ සිසු සිසුවියන් වෙනුවෙන් දෙසැම්බර් 06 වැනිදා පැවැත්වීමට තිබූ සාමාන්‍ය තොරතුරු තාක්ෂණය විභාගය ද දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව මෙහිදී ඇය වැඩිදුරටත් පැවසුවාය.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு