2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
කොළඹ මහ නගර සභාව රු කෝටි 104 වැට් බදු ගෙවීම පැහැර හැරලා.. වහා ගෙවා අවසන් කරන බවට අධිකරණයේදී එකඟ වෙයි
කොළඹ මහ නගර සභාව මඟින් 2016 වර්ෂයේ සිට රජයට නොගෙවා පැහැර හැරි බව කියන රුපියල් කෝටි 104 වැට් බදු කඩිනමින් ගෙවා නිම කිරීමට කටයුතු කරන බව කොළඹ අතිරේක මහේස්ත්රාත් ඕෂද මිගාර මහාරච්චි ඉදිරියේ නගර සභාවේ නීතිඥවරුන් අද (25) දින පවසා ඇති බව සඳහන්.
சுருக்கம்
එසේම නගර සභාව වෙනුවෙන් එම සභාවේ ගණකාධිකාරී වරයෙකු වූ සුගත් ධර්මසූරිය අධිකරණයේ පෙනී සිටි බව වාර්තා වේ. එමෙන්ම නගර සභාව වෙනුවෙන් පෙනී සිටි ගණකාධිකාරීවරයාට ස්ථාන මාරු ලබා දෙන්නේ නම් හෝ ඔහු විදේශගත වන්නේ නම් අධිකරණයේ අවසරය ලබා ගන්නා ලෙසටද නියෝග කර ඇත. මේ අතර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා කරුණු දක්වමින් එම ගෙවා පැහැර ඇති හිඟ බදු අය කරගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටි බව සඳහන්.
இந்தச் செய்தி எதைப் பற்றியது
நிறுவனங்கள்
இடங்கள்

