2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
සරසවි ශිෂ්‍යයොත් දිගටම මහ පාරේ! අනුරපුරෙන් බැස්සා! පේරාදෙණියෙන් බැස්සා! කැලණියෙන් බැස්සා! දැන් කොළඹ සිසුනුත් පාරට බැහැලා! VIDEO
කොළඹ විශ්වවිද්‍යාලයේ පවතින අඩුපාඩු රැසකට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා එම විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමය ඊයේ (4) පස්වරුවේ විරෝධතාවක නිරත වුණා.
சுருக்கம்
විරෝධතා පාගමනකින් College House ඉදිරිපිටට පැමිණි සිසුන් එහිදී මෙම විරෝධතාව පැවැත්වූයේ අංගසම්පූර්ණ පීඨ සංකීර්ණයක් ඉදිකිරීමට ප්‍රතිපාදන වෙන් කිරීම, නේවාසිකාගාර පහසුකම් පුළුල් කිරීම සහ නූතන ලෝකයට ගැළපෙන පරිදි උසස් අධ්‍යාපන පාඨමාලා යාවත්කාලීන කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්.
