2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
රුසියානු ජනපති පුටින් ඉන්දියාවට
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ නිල සංචාරයක් සඳහා ඊයේ (04) ඉන්දියාවට පැමිණියා. ඒ, 23 වැනි ඉන්දියා-රුසියා වාර්ෂික සමුළුවට සහභාගී වීම වෙනුවෙන්. ඉන්දියාවට පැමිණි රුසියානු ජනාධිපතිවරයාට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් හිමිවූයේ ඉතා ඉහළ පිළිගැනීමක්. රුසියානු ජනාධිපතිවරයා වෙනුවෙන් ඊයේ (04) රාත්‍රියේ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී විසින් පවත්වනු ලැබුවා. මෙම සංචාරය අතරතුර, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ රාජ්‍ය [...]
சுருக்கம்
- රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ඉන්දීය නිල සංචාරයට සමගාමීව ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට සැලසුම් කර තිබේ. රුසියානු භාෂාවට පරිවර්තනය කළ "භගවත් ගීතාවේ" පිටපතක්ද මෝදී අග්‍රාමාත්‍යවරයා ඊයේ රුසියානු ජනාධිපතිවරයාට පිළිගැන්වූ බව විදෙස් වාර්තා වල සඳහන් වේ. සංචාරය අතරතුර පුටින් ජනාධිපතිවරයා නවාතැන් ගෙන සිටින්නේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ රාජ්‍ය අමුත්තන් වෙනුවෙන් වෙන් කර ඇති ඓතිහාසික හයිද්‍රාබාද් මන්දිරයේය.
-605034.jpg&w=640&q=75)
