3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
බැකෝ සමන්ගේ කෝටි 8 සැප බස් දෙක අත්අඩංගුවට (photos)
මෑතකදී ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත් "බැකෝ සමන්" හෙවත් සමන් කුමාර නමැත්තාට අයත් බවට හඳුනාගත් අධි සුඛෝපභෝගී බස් රථ දෙකක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් සිය භාරයට ගෙන තිබේ.
சுருக்கம்
මෙම බස් රථ දේපළෙහි සමස්ත වටිනාකම රුපියල් කෝටි අටකට අධික බවට පොලිසිය විසින් තක්සේරු කර ඇත. අත්අඩංගුවට ගත් එක් බස් රථයක් විදේශීය සංචාරකයින් ප්රවාහනය කිරීමේ සේවාවක් සඳහා යොදවා තිබියදී කටුනායක ප්රදේශයේදී සොයාගෙන ඇත. මින් එක් බස් රථයක් ඔහු ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වීමට සති දෙකකට පමණ පෙර මිලදී ගෙන ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇත.


