2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
දිවයිනේ පෙරපාසල් ගුරුවරුන් 35,000කට නොමිලේ ජාතික මට්ටමේ පුහුණුවක්
දිවයිනේ හඳුනාගෙන ඇති පෙරපාසල් ගුරුවරුන් 35,000කට ආසන්න පිරිසකට මුල් ළමාවිය අධ්‍යාපන විෂයමාලා රාමුව පිළිබඳ ජාතික මට්ටමේ පුහුණුවක් නොමිලේ ලබාදීමට රජය පියවර ගෙන තිබේ.
சுருக்கம்
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි. ජාතික පුහුණු ක්‍රමවේදයක් යටතේ අදියර කිහිපයකින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් ජාතික මට්ටමේ ප්‍රධාන පුහුණුකරුවන් 108 දෙනෙකු සහ පළාත් මට්ටමේ පුහුණුකරුවන් 556 දෙනෙකු සූදානම් කිරීමට නියමිතය.

