තරග පාවාදීමේ චෝදනාවට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ හිමිකරු අත්අඩංගුවට
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ හිමිකරුවෙකු සහ තවත් අයෙකු තරග පාවාදීමේ චෝදනා මත සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ හිමිකරුවෙකු සහ තවත් අයෙකු තරග පාවාදීමේ චෝදනා මත සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ.
ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනාම ඉන්දීය ජාතිකයින් බව සඳහන්ය. ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ සම හිමිකරුවෙකු වන මන්ජොත් කල්රා සහ යුවරාජ් කුෂ්වහා යන අය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භය අද සිදුකිරීමට නියමිතව තිබිය දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවීම විශේෂත්වයකි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත