දික්ඔය දිවිත්ව ඝාතනයේ සැකකරු රෝහලෙන් පැන ගිහින්
හැටන් - දික්ඔය දිවිත්ව ඝාතනයේ සැකකරු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී බන්ධනාගාර නිලධාරීන්ගේ මිදී පළාගොස් තිබෙනවා. සැකකරු අද (27) අලුයම මෙලෙස රෝහලෙන් පළාගොස් ඇති බවයි වාර්තා වුණේ. මෙම සැකකරු ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතව සිටියදී ඔහුට ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් මත බන්ධනාගාර නිලධාරින් විසින් ඊයේ (26) මහනුවර ශික්ෂණ රෝහල වෙත ඇතුළත්කර තිබෙනවා. [...]
