දෙහිවල බෝම්බ ප්‍රහාර සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට
දෙහිවල ප්‍රදේශයේ නිවසකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සිද්ධියේ, ප්‍රහාරය සදහා පැමිණි ත්‍රිරෝද රථයේ රියදුරු සහ බෝම්බය නිවසට විසිකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෙහිවල - සිරිසඟබෝ පාර ප්‍රදේශයේ නිවසකට පසුගිය 11 වනදා අලුයම එල්ල වූ එම අත්බෝම්බ ප්‍රහාරයෙන් ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔවුන්ගේ පියා බරපතළ තුවාල ලැබුවා.
