ශිරාන් බාසික්ගේ පියා ලබන 18 වැනිදා දක්වා යළි රිමාන්ඩ්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ශිරාන් බාසික්ගේ පියා වන අබ්දුල් රසාක් මොහොමඩ් බාසික් නැමැත්තා යළිත් ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඩුබායි සිට මෙරටට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ශිරාන් බාසික්ගේ පියා වන අබ්දුල් රසාක් මොහොමඩ් බාසික් නැමැත්තා යළිත් ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ, ඔහුට එරෙහි නඩුව අද (25) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදීය. එහිදී ශිරාන් බාසික්ගේ මුදල් මෙරටට රැගෙන ඒම සහ මුදල් විශුද්ධිකරණයට අදාළව ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයෙකු වන සම්පත් අත්තටගේ ද මෙම නඩුවේ සැකකරුවෙක් ලෙස නම් කිරීම ද සිදු කෙරිණි. ඒ අනුව විදේශ ගතව සිටින සැකකරු මෙරටට පැමිණෙන අවස්ථාවේදී අත්අඩංගුවට ගන්න ලෙසට ද අධිකරණය නියෝග කළේය.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා