ඔක්තෝම්බරයේ උද්ධමනය ඉහළට
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගිය ඔක්තෝම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් මාසයේ දී 2.1% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය ඔක්තෝම්බර් මාසය සඳහා 2.7% ක් දක්වා වැඩි වී ඇති බවයි සඳහන් වන්නේ. සැප්තැම්බර් මාසයේ දී 3.8% ක් ලෙස වාර්තා වූ [...]
