මූලාශ්‍ර 12ක්
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර සාර්ථකව පවත්වා අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ සහ සතර මහා දේවාලවල වාර්ෂික ඇසළ මහා පෙරහර චිරාගත සම්ප්‍රදායානුකූලව පරිපූර්ණ සහ උත්කර්ෂවත් ලෙස පවත්වා අවසන් කළ බව සැල කෙරෙන සංදේශය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ඊයේ (28) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වනු ලැබීය.
