ආපදාවලට අවශ්‍ය පියවර නොගත් නිසා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට පෙත්සමක්
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ආපදා අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අපොහොසත් වීම තුළින් රජය සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මහනුවර ප්‍රදේශයේ පදිංචි නීතිඥවරයෙක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. නීතිඥ කීර්ති බණ්ඩාර කිරිදෙන විසින් එම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර එහි වග උත්තරකරුවන් [...]
