උඩරට මාර්ගයේ පේරාදෙණිය සහ ගම්පොළ දක්වා දුම්රිය ධාවනය හෙට (02) සිට යළි ඇරඹේ
මාස 10කට අධික කාලයකට පසු උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සහ ගම්පොළ දක්වා දුම්රිය ධාවනය හෙට (02) සිට යළි ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
මාස 10කට අධික කාලයකට පසු උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සහ ගම්පොළ දක්වා දුම්රිය ධාවනය හෙට (02) සිට යළි ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
පේරාදෙණිය සහ මහනුවර අතර පිහිටි පේරාදෙණිය කළු පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු තවමත් අවසන් කර නොමැති බැවින් පේරාදෙණිය සිට මහනුවර දක්වා දුම්රිය ධාවනය තවදුරටත් සිදු නොවේ. අධික වැසි තත්ත්වය හේතුවෙන් පේරාදෙණිය කළු පාලමේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම අභියෝගයක් වී ඇති අතර, එම කටයුතු අවසන් කිරීමෙන් පසු මහනුවර සහ මාතලේ දක්වා දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීමට හැකි වනු ඇත.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත