කොහුවල වෙඩි තැබීමකින් දැරියකට තුවාල
-කොහුවල - බෝධියවත්ත ප්‍රදේශයේ ඊයේ රාත්‍රීයේ සිදුවූ වෙඩි තැබීමකින් 16 හැවිරිදි දැරියක් තුවාල ලබා තිබේ.පොලීසිය සඳහන් කලේ, ඊයේ රාත්‍රී 10.10 ට පමණ වෙඩි තැබීම සිදුව ඇති බවයි.යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පළා ගොස් තිබේ.දැරිය වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ, නිවස ඉදිරිපිට සිටින අතරතුරයිවෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඇය කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරිණ.