බාල ගල් අගුරු නිසා පාඩු වුනේ බිලියන 15.7යි..- බලශක්ති ඇමති
මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මෙම බාල ගල්අඟුරු භාවිතය නිසා අහිමි වූ විදුලි ධාරිතාව වෙනුවෙන් විකල්ප ප්‍රභවයන්ගෙන් විදුලිය මිලදී ගැනීමට ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) වෙත රුපියල් බිලියන 8.571 ක අමතර මුදලක් වැය කිරීම
