අල්ලස් ගත් කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඇප ඉල්ලීම ඉවතට
යුද්ධය පැවති සමයේ විදේශගතව සිට යළි මෙරටට පැමිණීමට නියමිත අයෙකුගේ ඉඩමකට බලපත්‍රයක් සකස් කර දීම සඳහා රුපියල් ලක්ෂ 05ක අල්ලසක් ලබා ගත්තේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපති අයියනප් පිල්ලෙ මුබාරක් නමැත්තාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
