යොවුන් පැරා ශූරයින් දිවයිනට
ඩුබායි හි පැවති 2025 ආසියානූ යොවුන් පැරා ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම රන් පදක්කම් 03ක් සහ ලෝකඩ පදක්කම් 02ක් දිනාගෙන අද (15) අලුයම දිවයිනට පැමිණියා. මෙම තරගාවලිය ආසියානු කලාපයේ රටවල පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 07 දින සිට 14 දින දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි දී පැවැත් වුණා. තරගාවලියේ [...]
