තරුණයින්ට මත්පෙති විකුණූ ඔසුසැල් හිමියා අත්අඩංගුවට
විශේෂඥ වෛද්‍ය නිර්දේශයකින් තොරව මානසික රෝගීන් සඳහා භාවිත කරන ඖෂධ පෙති තරුණයින්ට අලෙවි කළ ඔසුසැල් හිමියෙකු හැටන්හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. හැටන් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසිනුයි මෙම වැටලීම සිදු කර ඇත්තේ. පොලිස් උපාය දූතයෙකු යොදවා සිදුකළ සූක්ෂ්ම මෙහෙයුමකින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අලෙවිය සඳහා සූදානම් කර තිබූ මත්පෙති 1,400කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට [...]
