හිටපු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට දැඩි කොන්දේසි මත ඇප
නුවරඑළිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අද (22) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කළ රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇප මත මුදාහැර තිබෙනවා. මෙහිදී රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් සහ රුපියල් 25,000ක මුදල් ඇපයක් ඔහුට නියම කෙරුණා. ඊට අමතරව ඔහුට විදෙස් ගමන් තහනමක් [...]
