දත්ත හා තොරතුරු මත පදනම් වූ ස්ථාවර අධ්‍යාපන ප්‍රතිපත්තියක් හඳුන්වාදීම අපගේ ප්‍රධාන අරමුණයි - අග්‍රාමාත්‍ය
සියලු දරුවන්ට සාධාරණය උදාවෙන අධ්‍යාපන පද්ධතියක් සැදීමට නම්, පුද්ගලබද්ධ තීන්දු තීරණ වෙනුවට දත්ත හා තොරතුරු මත තීන්දු තීරණ ගන්නා ස්ථාවර අධ්‍යාපන ප්‍රතිපත්තියක් හඳුන්වාදිය යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
