මූලාශ්‍ර 3ක්ජනප්‍රිය
දිට්වා ආපදාවෙන් පූර්ණ නිවාස හානි වූ පවුල් 72කට නව නිවාස ඉදිකිරීම ඇරඹේ
'දිට්වා' ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ වශයෙන් නිවාස හානිවීමෙන් අවතැන් වූ සහ අධි අවදානම් තත්ත්වයන් හේතුවෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා නව නිවාස ඉදිකර දීමේ රජයේ විශේෂ වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව නිවාස 72ක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.
