ආනයනික ගල්අඟුරු ගැන ප්‍රමිති වාර්තා ලබා දෙන්න - ආංශික අධීක්ෂණ කාරක සභාව
දිවයිනට පැමිණි ගල්අඟුරු නෞකා තුනෙහි ප්‍රමිති වාර්තා සහ අවසන්වරට පැමිණි නෞකාවේ ගල්අඟුරුවල තත්ත්වය සමබන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිදුකළ රසායනාගාර වාර්තා එළැඹෙන කාරක සභා රැස්වීමට යොමු කරන ලෙසට අදාළ නිලධාරීන්ට යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නියම කර තිබේ.
