ජාතික රණවිරු සැමරුම් උත්සවය වෙනුවෙන් බත්තරමුල්ල, පොල්දූව අවට විශේෂ රථවාහන සැලැස්මක්
ජාතික රණවිරු සැමරුම් උත්සවය පාර්ලිමේන්තු ක්‍රිඩාංගනයේ රණවිරු ස්මාරකය අභියස දී අද (19) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම සැමරුම් උත්සවය පැවැත්වෙන කාලසීමාව තුළ විශේෂ රථ වාහන සැලැස්මක් ඒ අවට ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ. ඒ, අනුව අද (19) සවස 03.30 සිට කොළඹින් පිටවීම පොල්දූව හන්දියෙන් සහ කොළඹට ඇතුළුවීම කියැන්නෑම් හන්දියෙන් රථ වාහන ගමනාගමනය සීමා කිරීම හා [...]
