සිලාවතුර අරිප්පු වෙරළ සංරක්ෂණයට වෙරළ උද්යානයක් ඉදි කෙරේ
මන්නාරම දිස්ත්රික්කයේ සිලාවතුර අරිප්පු වෙරළ කලාපය සංරක්ෂණය කිරීම, ධීවර ප්රජාව සවිබල ගැන්වීම සහ සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමේ අරමුණින් නව වෙරළ උද්යානයක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම ඊයේ (14) පස්වරුවේ පරිසර නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණි.
