මුහුදුබඩ මාර්ගයේ යළි දුම්රිය ප්‍රමාදයක්
- මුහුදුබඩ මාර්ගයේ යළි දුම්රිය ප්‍රමාදයක්, හටගෙන තිබේ.ඒ, ඇදගෙන යමින් තිබූ සාගරිකා දුම්රිය, කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය ආසන්නයේදී යළි පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් ය.සාගරිකා දුම්රිය, ඊයේ උදෑසන වාද්දුව දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්විය.ඒ හේතුවෙන් පැය කිහිපයක්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය අඩාලව පැවතියේ ය.පසුව, මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය සිදු කෙරුණේ, එක් මාර්ගයක පමණයි.සාගරිකා දුම්රිය යළි පීලි පැනීමෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට ද බාධා මතුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
