මූලාශ්‍ර 2ක්
සතොස බඩු මිල දැනෙන්නම අඩු කරයි..
අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 06 ක මිල ගණන් පහත දැමීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබේ. මෙම නව මිල සංශෝධනය හෙට (26) දින සිට දිවයින පුරා පිහිටි සියලුම සතොස අලෙවිසල් ජාලය හරහා ක්‍රියාත්මක වන බව එම ආයතනය නිවේදනය කරයි. සහනදායී මිල ගණන් යටතේ දිවයින පුරා විසිරී ඇති සියලුම සතොස ශාඛා මඟින් භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා ඇති බව ලංකා සතොස සඳහන් කරයි. මිල අඩු කරන ලද භාණ්ඩ සහ සංශෝධිත නව මිල ගණන්
