ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂාව සහ සයිබර් තර්ජන කළමනාකරණය ශක්තිමත් කිරීමට ඉන්දියාවේ සහාය
ශ්‍රී ලංකාවේ රාජ්‍ය පද්ධතීන් මුහුණදෙන වත්මන් සයිබර් ආරක්‍ෂක අභියෝග සහ ඒ සම්බන්ධයෙන් දෙරට අතර ද්විපාර්ශ්වික සයිබර් සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය (ඉංජිනේරු) එරංග වීරරත්න මහතා සහ ඉන්දීය රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අතර අද (05 ) ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ දී පැවැත්විණි. මෙම නියෝජිත පිරිස සඳහා ඉන්දීය විද්‍යුත් හා තොරතුරු තාක්ෂණ...
