BOI වැඩබලන සභාපති ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) වැඩබලන සභාපතිවරයා ලෙස ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා පත් කර තිබේ. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (SLAS) වසර 23කට අධික විශිෂ්ඨ සේවා පළපුරුද්දක් ඇති විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ආචාර්ය ජයවර්ධන මහතා, රාජ්‍ය පරිපාලනය, ප්‍රතිපත්ති සම්පාදනය සහ මහා පරිමාණ ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ හසල අත්දැකීමක් ඇති ජ්‍යෙෂ්ඨ රජයේ...
