මේක පාස්කු මහ නඩුව නෙමෙයි.. මහ මොළකරුවන් අල්ලා කුමන්ත්‍රණය හෙළි කරගත යුතුයි..
2019 වසරේ එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස පැවති සැබෑ කුමන්ත්‍රණය සහ එහි මහ මොළකරුවන් කවුරුන්ද යන්න පිළිබඳ නිසි විමර්ශනයක් සිදු කර ඔවුන් නීතිය හමුවට පැමිණවීම අත්‍යවශ්‍ය කරුණක් බව කතෝලික සභාවේ ජාතික මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අවධාරණය කරයි. මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ, සහරාන් හෂීම් ඇතුළු අන්තවාදී කල්ලිය විසින් දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කර එල්ල කළ මර
