බුලත්සිංහල රෙදිපිළි අලෙවිසැලක් තුළ අබිරහස් මරණ දෙකක්
බුලත්සිංහල, ඈගල්ල පාර ප්‍රදේශයේ පිහිටි රෙදිපිළි අලෙවිසැලක් තුළ තිබී අඹුසැමි යුවළකගේ මළ සිරුරු දෙකක් ඊයේ (14) සොයාගෙන තිබෙනවා. බුලත්සිංහල පොලීසියට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සිදුකළ මූලික විමර්ශනවලදී මෙම මෘත ශරීර සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ. මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ 55 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ 61 හැවිරිදි සැමියායි. [...]
